Pages

Saturday, September 17, 2011

රුසිරු පෙතංගොඩ උයනට අපිත් ළං වුණා

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා
යුදට උපන් කුමරිඳු යැයි නමක් ඇති වුණා
මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැර වුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා


නිතරැ නිතරැ සීතාවක රණ බෙර වැයුණා
කොළඹ කොටුව බළල් මසුත් ගිනි ගණන් වුණා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා


රුසිරු පෙතංගොඩ උයනට අනේ ළං වුණා
නපුරු උණ කටුව පතුලේ ඇනී වණ වුණා
එක්වැ සිටි පිරිස මතුරා විස ද වැඩි වුණා
රාජසිංහ දෙවි නාමෙත් ගියා නැති වුණා...‍...

         ‍ෙමි අරීසෙන් අහුබුදු සූරීන් සං‍ෙද්ශය  චිත්‍ර පටිය වෙනුවෙන් රචනා කළ ගීයක්. ‍ෙමි  ගීතය ඔහු රචනා ක‍ෙල් ජනතාව අතර ප්‍රචලිත පහත ජනකවිය ඇසුරු කරගෙනයි.

රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණකටුව පතුලේ ඇනුණාය
එක්‌ව සිටි සැවොම වටකොට මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය

මෙහි හඳහන් පෙතන්ගොඩ උයන දැක බලා ගැනීම සහා මටත් මගේ පවුලේ අයටත් ලදී දිනෙක අවස්ථාව සැලසිනි. ‍ෙමි හා අවිස්‌සාවේල්ල - රුවන්වැල්ල - කෑගල්ල පාරේ 19 වන කිලෝමීටර් කණුව අසල කණ්නන්තොටින් වමට හැරී ගමන් කළ යුතුයි.



         මෙම "පෙතන්ගොඩ උයන" 1 වන රාඡසිංහ හෙවත් සීතාවක රාඡසිංහ රජුගේ මඟුල් උයනයි. සීතාවක රාජසිංහයන් කුඩා කළ හැඳින්වුණේ "ටිකිරි බණ්‌ඩාර" යනුවෙනි.

                                                                               
                                           කණ්නන්තොටදී දැකිය හැකි පුරාවිද්‍යා දැන්වීම
    

                            කණ්නන්තොටින් ඇතුළට යනවිට ඇති 2වන පුරාවිද්‍යා දැන්වීම

මාර්ගයේ ඇති අළුතින් ඉදිකළ පාලම

         රණශුර රාජසිංහ රජතුමාට මරු කැඳ වූ උණ කටුව පතුලේ ඇනුණේ මේ පෙතන්ගොඩ උයනේ දීය.

උයනේ දොරටුව


         වර්තමානය වනවිටත් මෙහි මේ ස්‌ථානයට ආවේණික වූ කටු උණ පදුර 2ක් ඉතිරිව ඇත. මෙම ස්‌ථානයේ දැකිය හැකි මෙම කටු උණ පඳුරු විශේෂය ලංකා‍ෙවි වෙනත් කිසිදු ස්‌ථානයක දැක ගත නොහැක. මෙවැනි උණ විශේෂ ඉන්දියාවේ ඇති බවත් සීතාවක රාජසිංහගේ රාජ සභාවේ පුරෝහිත තනතුර හෙබවූ අරිට්‌ඨකී වෙණ්‌ඩු පෙරුමාල් නම් ආඩිගුරාගේ උපදෙස්මත මෙහි ගෙන්වා බෝ කරන්නට ඇති බවත් සැලකේ.

ඈතට පෙනෙන කටු උණ පඳුරු





වියන සැදී


         සීතාවක රාඡසිංහ රඡතුමා කොළඹ පෘතුගීසි බලකොටුවට පහරදීම පිණිස බියගමින් පිටත් විය. ක්‍රි.ව. 1587 ඡුනි මස 04 වැනි දින සීතාවක හමුදාව කොළඹට පහරදීම ඇරඹිණි. පෘතුගීසි ඉතිහාස රුබෙයිරෝ පවසන අන්දමට කොළඔ කොටුවෙි සිටියේ පරංගීන් 60000කි. සීතාවක හමුදාවෙි 15000ක පමන සේනාවක් සහ ආයුධ උපකරණ ආදිය තිබුණත් ගෝවෙන් පරංගීන්ට  ලැබුණු ආධාර නිසා මාස 22ක් දිගට ඇදුනු යුද්ධය සීතාවක හමුදාව පැරදිණි.
         කොළඹ පරාඡයෙන් පසු සීතාවක රාඡසිංහ රඡු උඩරට රාඡධානිය දෙස බැලීය. දොන් ජෝන් කොණප්පු බණ්‌ඩාර මහනුවර රජවූ බව ඔහුට සැලවිය. මහලු වයසේ සිටියත් සීතාවක රාජසිංහ රජු යුද්ධ සේනාව පිරිවරා කන්ද උඩරට බලා ගමන් කළේය. විමලධර්ම හෙවත්  කොණප්පු බණ්‌ඩාරගේ යුද්ධ හමුදාවක්‌ රාඡසිංහ රඡුගේ හමුදාවත් බලන අසලදී මුණ ගැසුණි. දෙසේනාව අතරේ වූ සටනින් එකල මහලු වයසේ සිටි රාජසිංහ රජු පරාජයට පත්විය.
      ක්‍රි.ව. 1592දී බලන සටනින් පැරදී පසු බසින්නට වූ රාඡසිංහ රඡතුමා ආපසු සීතාවකට පැමිනෙන අතර පෙතන්ගොඩ උයනට පැමිණියේය. අක්කර ගණනාවක් වසා තුරු වැල් වලින් ගැවසී ගත් එම උද්‍යානයේදී රඡුගේ පාදයේ උණ කටුවක් ඇණුනු බවටත් විස සහිත සර්පයෙකු (නාගයෙකු) දෂ්ඨ කළ බවටත් මත දෙකක් පවතී. අනතුරුව රඡුගේ එදිරිවාදීන් අශ්ව, ඇත්, ගව අපද්‍රව්‍ය එක්කොට එහි තැවරූ බවත් ඉන් අනතුරුව පිටගැස්ම රෝගයට සමාන රෝග ලක්ෂණ ඇතිවී දින දෙකකට (ක්‍රි.ව. 1592දී ) පසුව රඡු මිය ගිය බවත් ශෙලේන්ද්‍රසිංහ නැමති රාඡකීය වෛද්‍යවරයාගේ පුස්කොල සටහනක දක්වා ඇත. මෙය අද රෝහල් වල භාවිතා කරන රෝගීන් පිළිබඳව සටහන් තබන ඇඳ ඉහ පත්‍රයට (Bed Head Ticket) සමාන පළමු සටහන සේ සැලකේ.

දිගට වැඩෙන කටු
 
        රඡුගේ එදිරිවාදීන් අතර රාඡසූර්ය නමි කුමාරයෙක් සහ දොඩමිපෙ ගණිතයා නමි යකැදුරෙක් සිටියේය. ඓතිහාසික තොරතුරැ සටහන් කර තැබූ කෑකෝ නමි පෘතුගීසි ඡාතිකයාට අනුව රාඡසූර්ය යනු රාඡසිංහ රඡුගේ වැඩිමහල් පුත්‍රයාය. නමුත් ඡනශ්‍රැති පිළිගැනීම අනුව ඒ රාඡසිංහ රඡුගේ මුණුබුරෙකි. කෙසේ නමුත් රාඡසිංහ රඡුගෙන් පසුව රඡකම උරැම වූයේ රාඡසූර්ය කුමාරයාටය.
        දොඩමිපෙ ගණිතයා රඡු සමඟ වෛරයෙන් පසුවිය. ඡනප්‍රවාදයට අනුව එයට හේතු වූයේ රාඡසූර්ය කුමාරයා සමඟ පෙමින් වෙලී සිටි රූමත් තරුණියක වූ දොඩමිපෙ ගණිතයාගේ දියණිය කෙරෙහි රාඡසිංහ රඡු ලොබ බැඳ ඇය බලෙන් පැහැර ගෙන යාමයි. එසේ තිබියදීත් රාඡසූර්ය කුමාරයාත් දොඩමිපෙ ගණිතයාත් දෙදෙනාම රඡු සමඟ සිටි අතර සිතින් වෛරයෙන් පසුවෙමින් රාඡ උදහසට ලක් ‍ෙවියැයි බියෙන් කිසිවක් නොකර සිටියහ.
        රඡුගේ පාදයේ උණ කටුව ඇණුනු දිනයේ උයනට ඇතුළුවූ පිරිස අතර ඔවුන් දෙදෙනාද සිටියහ. දොඩමිපෙ ගණිතයා රඡුගේ තුවාලයට බෙහෙත් ලෙසට අපද්‍රව්‍ය ගල්වමින් මතුරමින් සිටියේය. රඡුට හිතවත් පිරිස සිතු‍ෙවි  විස බැස්සවීම සඳහා මතුරන බවයි. 
       රාඡසිංහ රඡු මිය ගියේ උණ කටුවක් යටි පතුලේ ඇනීම නිසා ශරීර ගතවූ විසෙන් බව පොදු පිළිගැනීම වුවත් තතු දත් අය පවසන්නේ උණ කටු වල එවැනි විසක් නොමැති බවත් නාගයෙකු දෂ්ඨ කිරීම නිසා රඡු මිය ගිය බවත්ය. උණ පඳුරු අවට ප්‍ර‍ෙද්ශය අදත් නයි විමානයක් බව  ප්‍රදේශවාසීහු කියති.
        තවත් ඡනප්‍රවාද කතාවකට අනුව රඡු සටනින් පැරදී පසු බැස පෙතන්ගොඩ උයනට පැමිණි අවස්ථා‍ෙවි රාඡසූර්ය කුමාරයාගේ අනුගාමිකයන් විසින් පහර දෙනු ලැබ දකුණු පාදය දරුණු ලෙස ආබාධිත වීම නිසා රඡු මරණයට පත්විය. කකුලේ තුවාල සුව නොවීම සඳහා දෙඩමිපෙ ගණිතයා විසින් හූනියමි කර ඇත.


වෙහෙස නිවාගෙන පරිසරය රස විඳින්න