Pages

Sunday, October 9, 2011

වෙල මැද අම්බලම කාටත් පරවේනී (මාරස්සන අම්බලම)


වෙල මැද අම්බලම කාටත් පරවේනී (මාරස්සන අම්බලම)  

මහනුවර තැන්නෙකුඹුර හන්දියෙන් හැරී මහවැලි රඡමාවත ඔස්සේ ගමන් කළ අපි ගුරුදෙනිය, හොරගම, අනුරගම, කිවුල්ලන්ද සහ මයිලපිටිය පසුකොට කන්දෙ හන්දියට පැමිණියෙමු. වික්ටෝරියා ඡලාශ මායිම දිගේ පැමිණි මෙම ගමනේදී වික්ටෝරියා ඡලාශයේ අසිරියත් යම්තාක් දුරකට විඳදරා ගත හැකි විය. කන්දෙ හන්දියේ සිට හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩ බලා දිවෙන මාර්ගයේ මීටර් කිහිපයක් ගිය විට හමුවන හන්දියෙන් දකුණතට හැරී ගමන් කලෙමු. එවිට හමුවන T හන්දියෙන් දකුණතට ඇති මාර්ගයේ ටික දුරක් ගමන් කළ විට අපගේ නැරඹුම් ස්ථානය වන මාරස්සන අම්බලම හමුවේ.

“අම්බලම තියෙන්නෙ කොයි හරියෙද? අපි මගදී හමුවූ ප්‍ර‍ෙද්ශවාසීන් කිහිප දෙනෙකු ගෙන්ම විමසූවෙමු. “මොන අම්බලමද? ඔවුන් සියළු දෙනාම අපෙන් විමසීය. අපේ ප්‍රශ්ණයට ඔවුන් පෙරලා ඇසූ එම ප්‍රශ්ණයේ තේරුම ප්‍ර‍ෙද්ශයේ අම්බලම් කිහිපයක්ම ඇති බවයි. “අර මාරස්සන වෙල ල අම්බලම“ආ ඒක තියෙන්නෙ තව ටිකක් ඉස්සරහ, ඉස්කෝලෙ ලින් හැරිල පහලට යන්න. අම්බලම ලටම වාහනේ ගියහැකි.

මේ පාත හේවාහැට ප්‍ර‍ෙද්ශයයි. එහි අම්බලම් විශාල ගණනක් පිහිටා ඇත. මාරස්සන අම්බලම, හේවා විස්ස අම්බලම, කන්දේවෙල අම්බලම, මැදගම අම්බලම, ගොඩමුන්න අම්බලම, ඇල්ලවත් ඔය අම්බලම, දෙහල්කඩ අම්බලම, උඩුවෙල උඩගම අම්බලම, උඩුවෙල ගිණිහිරිය අම්බලම සහ අප්පල්ලාගොඩ ගල් අම්බලම ඉන් අම්බලම් දහයකි. අපි අම්බලම ළටම පැමිණියෙමු. දැන් අපේ දෑස් ඉදිරිපිට අම්බලම දිස්වේ.

අප ඉදිරිපිට දිස්වන මාරස්සන අම්බලම


ආනන්ද කුමාරස්වාමි වියතානන් විසින් රචිත මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ 17,18 සියවස් වලට අයත් උඩරට රාඡධානිය හඳුන්වන්නේ මධ්‍ය කාලය යනුවෙනි. ඒ මහනුවර යුගයට අයත් ප්‍රධාන ගොඩනැගිලි වර්ග හතරකි. ඒවා නම් විහාර, දේවාල, පෞද්ගලික ගෙවල් සහ අම්බලම්ය.
මේවායින් අම්බලම් සුවිශේෂී ගොඩනැගිලි වර්ගයක්. ප්‍රධාන මං මාවත් අසල තනවන ලද නවාතැන් පොලවල් අම්බලම් ලෙස සැලකිය හැකිය.වැලිවිටියේ සෝරත හිමියන්ගේ සිංහල ශබ්දකෝෂයට අනුව මගීන්ට විශ්‍රාම ගැනීම සඳහා මාර්ගය ආසන්නයේ ඉදිකල ගෙවල් අම්බලම්ය. ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාට අනුව ගැමියන් එක්රැස් වන තැන හෝ පණ්ඩිතයන් එක්රැස් වන තැන අම්බලම ලෙස දක්වා ඇත.
කෙසේ වෙතත් අම්බලම් තනවන්නට රඡු හෝ රඡු විසින් පත්කර ඇති ප්‍ර‍ෙද්ශයේ ප්‍රභූන් ද ප්‍ර‍ෙද්ශයේ යමක් කමක් ඇති පිරිස් ද අනුග්‍රහය දක්වා ඇත. ගමේ තොරතුරු මධ්‍යස්ථානය ලෙස ද අම්බලම ක්‍රියා කර ඇත.






අතහැර දැමූ තක්කාලි වගාවක්

            අම්බලම් ගැන සොයා බැලීමේ දී මැටි අම්බලම් සහ සිටු අම්බලම් ලෙස අම්බලම් වර්ග 2ක් හඳුනා ගත හැක. මැටි අම්බලම් සාමාන්‍ය පුද්ගලයන් සඳහාය. සිටු අම්බලම් ප්‍රභූන් උදෙසාය. ඒ අනුව අද දක්වා ඉතිරි වී ඇති මේ මාරස්සන අම්බලම වැනි අම්බලම් සිටු අම්බලම්ය.
මේ ප්‍රභූ අම්බලම් වල විවිධ කුල වලට අයත් අයට වාඩිවී විවේක ගැනීම සඳහා වේදිකා තනා ඇති බව විද්වත් මතයයි. ඒ අනුව දෝලාවෙන් ගමන් යන රඡතුමා හෝ එවැනි ප්‍රභූවරු තම සේවකයන් වෙහෙස නිවා ගන්නා තෙක් ඔවුන් සමඟ මේ අම්බලම් වල විවේක ගත් බව සිතිය හැක. නමුත් පහත ඡන කවිය දෙස බැලූ විට පෙනෙන්නේ අම්බලම සියලු ඡනයාට විවේක ගැනීමට තැනූ ස්ථානයක් බවයි.
මන්දාරමට උඩ ඉගිලෙන                                  වැහිලේනී
ගොනුගෙ පිටේ දැම්මා වැනි                              බර ගෝනී
වෙල මැද අම්බලම කාටත්                                පරවේනී
මට තනි නැත නුඹ නාඩන්                                 උලලේනී
රාඡසිංහ රඡතුමා යනු මහනුවර ප්‍රධාන රාඡධානිය වශයෙන් ආරම්භ කළ 1වන විමලධර්මසූරිය රඡතුමා ගේ සහෝදරයකු වන සෙනරත් රඡතුමා ගේ පුත්‍ර‍ෙයකි. ඓතිහාසික ඡනකතා අනුව සෙංකඩගල නුවර රාඡසිංහ රඡතුමා ගේ ප්‍රධාන රාඡධානිය වූ අතර රඡතුමා නිතර වාසය කළ ප්‍රධාන උප නගර 2ක් විය. ඉන් එකක් මහනුවරින් සැතපුම් 18ක් දුරින් වූ හඟුරන්කෙතයි. එහිද රඡමාලිගාවක් විය. හඟුරන්කෙත සිට කන්දෙනුවර (මහනුවර) දක්වා වූ මාර්ගයේ පිහිටි එවැනි එක් අම්බලමකි මේ මාරස්සන අම්බලම.
රාඡසිංහ රඡතුමා දරුණු පාලකයෙකු ලෙස හැඳින්වේ. උඩරට ප්‍රදේශවල රාසිං දෙවියන් ලෙස හැඳින්වූයේ ඔහුය. රාඡද්‍රෝහීන්ට, වරදකරුවන්ට ඉතා දරුණු දඞුවම් ලබා දුන්නේය. එවැනි එක් අවස්ථාවක කළකිරුනු රට වැසියන් රඡමාලිගාව වටලා රඡතුමාට හිරිහැර කරන්නට සූදානම් වූ අවස්ථාවේ ගම් වැසියකු ලෙස වෙස්වලාගත් රඡතුමා මාලිගාවෙන් පිටවී හන්තාන කඳුවැටිය ඔස්සේ නිල්ලඹ, උඩුවෙල, කපුලියද්ද, මාරස්සන ඔස්සේ හඟුරන්කෙත මාලිගාව බලා ගොස් ඇත. එම ගමනේදී “මා රක්ෂා කළ ගම්මානය මෙය” යැයි පැවසූ හෙයින් මේ ගමට මාරස්සන යන නම ලැබී ඇත.

අම්බලම ඉදිරිපිට පිහිටි කුඹුරු

මෙම අම්බලම සුන්දර වෙල් යායකට මුහුණ ලා පිහිටා ඇත. වෙල් යාය මැදිකරගෙන වටේටම විශාල කඳුවැටිය. වෙල් යාය ඈත කඳුවැටි දක්වාම දිවෙන අතර එහි හෙල්මළු ක්‍රමයට වී, තක්කාලි, බෝංචි ආදී වගාවන් අලංකාර ලෙස කර ඇත.
මහනුවර යුගයේ අම්බලම් නිර්මාණයේදී පො‍ෙලාවේ සෘඡුකෝණාශ්‍රාකාර කොටසක විශාල ගල් හතරක් තබා ඒ ගල් මත විශාල දැව කඳන් හතරක් තබා ඇත.



           එහි කොන් වලින් ඉහලට එසවෙන දැව කප් මත වහල සඳහා මුදුන් ලී තබා වහල තනා ඇත. කැණිමඬලක් ආධාරයෙන් වහල විශාල කොතක් ලෙස තනා ඇත. මාරස්සන අම්බලමේ ප්‍රධාන කප් හතරට අමතරව ඊට පිටින් කණු 12කි. කප් මුදුන් ලීයට එක්වන තැන පේකඩ නම් වේ. කපත් පේකඩත් අලංකාර ලෙස කැටයම් කපා ඇත. වහල මුදුනේ කොතක් ඇත. විහාරයට දන් ගෙනයන දන් කද අම්බලමේ වහලයේ තැන්පත් කර ඇත.  

දැව කප්
පේකඩ

ප්‍රධාන කප් හතරට අමතරව ඊට පිටින් කණු 12


අමතරව පිටින් කණු 12

වහල මුදුනේ ඇති කොත


මෑත කාලීන පුරා විද්‍යා ප්‍රතිසංස්කරණ හේතුවෙන් සහ ප්‍රදේශය ඡනාකීර්ණ වීම හේතුවෙන් ගොඩනැගිල්ලේ පෞරානික බවට හානි සිදු වුවත් එහි නරඹා විඳදරා ගත හැකි අතීතයක් නැත්තේ නොවේ.    

දන් කද

අප මාරස්සන අම්බලමට ගොඩවන විටත් ප්‍ර‍ෙද්ශවාසීන් කිහිප දෙනෙකු අම්බලමේ වාඩිවී එළවළු මිල පහල යාම නිසා ඔවුනට ඔවුනට සිදුවී ඇති අකරතැබ්බය පිළිබඳව කතා කරමින් සිටියා. තක්කාලි කිලෝවක් ඔවුන් විකුණන්නේ රුපියල් පහකටයි. කැඩුම් කුලිය ගිය විට ගොවියාට සතයක ලාභයක් නැත. ඒ නිසා ගොවියා තක්කාලි වගාවේ අස්වනු නෙලීම අතහැර දමා ඇත.

No comments:

Post a Comment