Pages

Monday, October 17, 2011

කන්දේවෙල අම්බලම

          
         කලින් පෝස්ට් එකෙන් අපි මාරස්සන අම්බලම ගැන කතා කළෙමු.(එම තොරතුරු මෙම ලිපිනයෙන් කියවන්න. http://palanchiya.blogspot.com/2011/10/blog-post.html) අද කතා කරන්නේ පාට හේවා හැට පිහිටි තවත් එවැනි ඓතිහාසික ගොඩනැගිල්ලක් වන කන්දේවෙල අම්බලම පිළිබවයි.
කියවන්න.
         කන්දෙ  හන්දියෙන් හැරී මාරස්සන අම්බලම බලන්නට ගිය මාර්ගයේම තවත් ඉදිරියට ගිය විට අප්පල්ලාගොඩ ගල් අම්බලම පිහිටි හන්දිය හමුවේ. එතැනින් වම් අතට යන මාර්ගයේ තවත් කිලෝමීටර් 1.5ක් පමණ ගිය විට හමුවන කන්දේවෙල විහාරස්ථානය අසලින් වම් පස බෑවුමට ගමන් කරන අලුතෙන් කොන්ක්‍රීට් යෙදූ මාර්ගයේ පහලට බැස ඇලෙන් එගොඩවී තවත් මීටර් 200ක් පමණ ඉදිරියට ගිය විට අම්බලම හමුවේ.
         එය මෑත කාලයේ ප්‍රතිසංස්කරණයට ලක්වී ඇති අතර පෙති උළු වෙනුවට අලුත් උළු යොදා ඇත. කු යායක පිහිටි වෙල්යාය යන තේරැම දෙන මේ කන්දේවෙල ගමත් පැරණි හුරන්කෙත- මහනුවර මාර්ගයේ පිහිටි බව සිතිය හැක. 
   

         
         මෙම අම්බලමත් ස්වරූපය අතින් මාරස්සන අම්බලමට බොහෝ සෙයින් සමානය. මහනුවර යුගයේ අම්බලම් නිර්මාණයේදී පො‍ලෙව් සෘඡුකෝණාශ්‍රාකාර කොටසක විශාල ගල් හතරක් තබා ඒ ගල් මත විශාල දැව කඳන් හතරක් තබා ඒ මත කප් සිටුවා අම්බලම ඉදිකොට ඇත. මේ අම්බලමත් ඉදිකර ඇත්තේ ඒ අයුරිනි.



ගල් මත දැව කඳන් තබා මත කප් සිටුවා ඇති අයුරු





      කොන් හතරෙන් ඉහලට එසවෙන දැව කප් මත වහල සඳහා මුදුන් ලී තබා වහල තනා ඇත. කැණිමඬලක් ආධාරයෙන් වහල විශාල කොතක් ලෙස තනා ඇත. මාරස්සන අම්බලමේ මෙන්ම මෙහිද ප්‍රධාන කප් හතරට අමතරව ඊට පිටින් කණු 12කි. කප් මුදුන් ලීයට එක්වන තැන පේකඩ නම් වේ. කපත් පේකඩත් අලංකාර ලෙස කැටයම් කපා ඇත. වහල මුදුනේ කොතක් ඇත.

 කප සහ පේකඩ  



  අලංකාර ලෙස කැටයම් කළ පේකඩ සහ කප එක්වන තැන


මට්ටම් දෙකක පිහිටි ආසන
  
         ඔබත් මේ අම්බලම දැක බලාගෙන මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය හඳුනා ගන්න.



























1 comment:

  1. Slot Game - MapyRO
    Slot Game · Game - Slot Game. Mapyro's 경기도 출장안마 casino game offers high quality graphics and sound. They provide 영주 출장마사지 the 오산 출장안마 best quality casino 원주 출장샵 games for you to 충주 출장안마

    ReplyDelete